(ඔක්කොම කියවන්න)
එදා උදේ වරුවේ 9 ට පමණ (2010-12-26) හිරු රැස් සැගවි ගොස් තිබුණේ අම්පාරට වැසි වැටෙන බව හගවන්නටයි.නමුත් පොඩි පොදක් පොළවට පතිත වෙමින් තිබුණා.මට එදා නිවාඩු දවසක් බැවින් මගේ රෙදි සෝදා වේලා ගැනිමට පටන් ගත්තා. රෙදි සෝදා අවසන් කළ මම අපේ නිවසට යාබද නිවසට පැමිණි අසල්වාසි අයෙකුට විහිළු කරමින් මම ගේ ඇතුලට ආවා. අප නිවසට යාබද නිවසේ සිටි අය මොණරාගල මහමෙව්නා අසපුවට දානයක් දිම සදහා 2010-12-28 දිනට ලක ලැහැස්ති වෙමින් සිටියා. මමත් ඒ ගමනට සහභාගී වෙන්නයි සිටියේ. එම ගමන යාමට සුදානමක් ලෙස මාගේ කොන්ඩය කැපීම සදහා මම පරගහකැලේ යාමට තීරණය කළා. එසේ සිතා මෝටර් සයිකලයට ගොඩවුන මා ගමන ආරම්භ කළා.ඉන්පසු මෝටර් සයිකලයට තෙල් ගැසීමට අම්පාර නගරයට පැමිණි මම නැවත ඉගිනියාගල පාරේ පරගහකැලේ සැලුන් එකට යාමට පිටත් වුණා.
එසේ කි.මී. 3 පසු කර සාම විහාරයට හැරෙන වංගුව පසු කරනවාත් සමග ඇති වංගුවේ දි මම අනතුරට පත්විය. මා දෙසින් වංගුව හරවපු ඉගිනියාගල පොලිසියට අයත් බවුසර් රථයේ ගැටී අනතුරට පත්විය. ඇසින් දුටු සාක්ෂි නැත. මම අනතුරට පත්වු අවස්ථාවේ මට සිහිය නැති විය. මා පසුපසින් ආ තීවිල් රථයකට දමාගත් මා බවුසරයේ රියදුරා අම්පාර මහ රෝහල ගෙන ගොස් ඇති අතර භාර දී නොමැත. ඉන්පසු අනතුරට ලක්වී ඇත්තේ මම දැයි සැකපිට ගමේ අය මාගේ ජංගම දුරකථනයට ඇමතුම් ගෙන ඇත. එවිට ජංගම දුරකථනය ගෙන ඇත්තේ තීවිල් රථයේ රියදුරා විසිනි. ගමේ අය අනතුර සිදු වුන ස්ථානයට යනවිට මා රැගෙන ගොස් ඇත. ඉන්පසු මෙය දැනගත් මාගේ මව අනතුර දරාගත නොහැකිව සිහිය නැති වී ඇත. මවද අසල්වාසි දෙදෙනෙක් විසින් ගෙන ගොස් ඇත. මා රෝහලට භාර දී ඇත්තේ ඉන්පසුවයි.
අපේ නිවසට ඉදිරිපිට නිවසේ අයියා විසින් මා රෝහලට භාර දී ඇත. මාගේ පියා ද ඊට පසු රෝහලට පැමිණ ඇත. මා රෝහලට ඇතුල් කරනවාත් සමග වෛද්‍යවරැ පවසා ඇත්තේ ෂුවර් නැ පැය තුනකට වඩා යනුවෙනි. මා අම්පාර මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ දින 17 ක් සිටි අතර මාස 2 කට ආසන්න සංඛ්‍යාවක් නේවාසිකව පළමු වර සිටියහ. දෙවන වර දින 17ක් ද තුන්වන වතාවට දින 5ක්ද නේවාසිකව සිටියහ. මා වෙනත් රෝහලකට නොයවා මාගේ ජිවිතය බේරාදුන් අම්පාර මහ රෝහලේ වෛද්‍ය අධිකාරි තුමා ඇතුළු වෛද්‍ය කණ්ඩායමටත් සහය දැක්වු සියළුම රෝහල් සේවකයින්ට මාගේ ස්තුතිය. සිදු අනතුරෙන් මාගේ දකුණු පාදය,දකුණු අත කැඩි ඇති අතර පෙනහැල්ල තුවාල සිදු වී වකුගඩු දෙක තැලී ඇත. වකුගඩු දෙකට බෙහෙත් ගැනීමට සිදුව ඇත්තේ සල්ලි වලටයි. මේ වන විට කකුළ සුව අතට හැරෙමින් ඇත. වකුගඩු දෙක සදහා බෙහෙත් ලබා ගන්නවා. ඒ සදහා මාසෙකට රුපියල් 12000/- ක් පමණ වැයවේ.
මෙය කෙසේ තිබුණත් මට නඩු දමා ඇත. මා නතර කර තිබු බවුසර් රථයේ හැපුණු බව පවසා ඇත. මට නතර කර තිබු බවුසරයේ හැපෙන්නට කිසිම උවමනාවක් නැත. මා අනතුරට පත් වු පසු සිහිය නැති වුන නිසා පොලිසියට උවමනා විදියට සියළුදේ හරි ගස්සවා ගෙන ඇත.හැබැයි නිතීයෙන් ගැල වුනත් උඩ ඉන්න දෙවියන්ගෙන් මට අසාධාරණය කරපු එවුන්ට ගැළවීක් නැත. මම මත් වතුර සිගරට් පාවිච්චි කරන්නේ ද නැත. මට දඩ මුදලක් ද ගසා ඇත. මෙතන සිදුව ඇත්තේ නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ යන දෙයි. ඔච්චර දෙයක් සිදු වී හෝ මාව හප්පපු බවුසර් පොලිස් රියදුරා මා බැලීමට රෝහලට ඇවිත් නැත. අපට මිනිසුන්ගේ හිත් හදන්නට ද බැහැ. මේ අනතුර නිසා මාගේ පියා අනේක දුක් වින්දා. රැයක් දවාලක් නැතිව මං ලග සිට මාගේ ආවතේව සියල්ල කලේ ඔහුය. මවට සිහියක් පතක් නොමැති නිසා අසල්වාසින්, යාළුවන් මා බේරා ගැනීමට නොයෙක් ආකාරයෙන් උපකාර කරා. ඒ උදව් කළ ආකාරය පිළිබද ගෙතුනු කතාව ළගදීම.............................
තවද රෝහලේ මා හැසුරුණු ආකාරය හා ගෙතුනු කතාවත් ළගදීම....................
(මෙය කියවීමෙන් වැඩ පාඩු උනානම් සමාවෙන්න. කැමති නම් ඔබේ අදහස ඇතුළත් කරන්න.)